ගෙදරදීම පහසුවෙන් ෆේස් වොෂ් එකක් හදාගමු

 


මේ දිනවල වෙළදපොලේ වැඩි වශයෙන් පවතින ෆේස් වොෂ් වර්ග අපේ සමට අහිතකර වන රසායනික ද්‍රව්‍ය රාශියකින් සමන්විත වෙනවා. බොහෝවිට බ්ලීචින් වගේම සමට අහිතකර යම් කාබනික සුවදකාරකත් අඩංගු වෙනවා.

නමුත් අපි ගෙදරදීම ෆේස් වොෂ් එකක් හදාගත්තොත් මේ වගේ අහිතකර තත්ව මගහරවා ගන්න පුළුවන් වෙනවා.

ඉතින් දැන් අපි බලමු අඩු වියදමකින් ෆේස් වොෂ් එකක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා.

මේකට අවශ්‍ය වෙනවා,

1.කඩල පිටි

2.බීට් රූට් පිටි 

3.කුඩුකරගත් දොඩම් පොතු

4.මුල්තාන් මිට්ටි

5.බේබි බොඩි ජෙල් එකක් 

6.ඔලිව් ඔයිල් 

කඩල පිටි වෙළදපොලෙන් මිලදීගත හැකි අතර අවශ්‍ය නම් ගෙදරදීම කඩල හොදින් සෝදා වේලා කුඩුකර ගැනීමෙන් වුවද හදාගන්න පුළුවන්. ඒ වගේම බීට් රූට් කුඩා කැබලි වලට කපා  අවෙවේ වේලාගෙන් කුඩු කරගැනීමෙන් පහසුවෙන් හදාගන්න පුළුවන්.


දැන් අපි මේ දේවල් පාවිච්චි කරලා ෆේස් වොෂ් එක හදාගන්න විදිය බලමු.

මුලින්ම කඩල පිටි, බීට් රූට් පිටි, දොඩම් පොතු තේ හැන්දක ප්‍රමාණය අරගෙන ඒකට ඔලිව් ඔයිල් බිංදු 2-3ක් දමාගන්න. දැන් මේ මිශ්‍රණය දියකරගන්න ඕන. ඒ සදහා රෝස වතුර පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි, එහෙම නැත්නං සාමාන්‍ය ජලයෙන් වුනත් දියකරගන්න පුළුවන්.

ඉන්පසු මෙහි පෙණ ගතිය හදාගන්න බේබි බොඩි ජෙල් වලින් තේ හැදි එකහමාරක් පමණ එකතු කරගන්න ඕන. කිසිම වෙලාවක මේ ෆේස් වොෂ් එක හදන්න සබන් යොදාගන්න එපා. මොකද සබන් ග්‍රේට් කරලා උණු කරලා හදාගන්න දියරය සමට අහිතකර වෙන්න පුළුවන්. ඒ වගේම මේ බේබි ජෙල් වල රසායනික ප්‍රමාණයත් බොහෝ දුරට අඩුයි.

හදාගත්තට පස්සේ සුදුසු භාජනයකට දාගන්න ඕන. මේකට ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කරන නිසා සතියක් වගේ කාලයක් තමා අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා එකපාර ලොකු ප්‍රමාණයක් හදාගන්න එපා.

දැන් අපි මේක ආලේප කරගන්න විදිය බලමු,

ඔබේ මුහුණ හොදින් තෙමාගෙන මුහුණේ උඩු අතට ඇස් වටා හැර හොදින් ආලේප කරගෙන විනාඩි 5ක් පමණ හොදින් සම්බහනය කර සෝදාහරින්න.

සාමාන්‍ය ෆේස් වොෂ් එකක් භාවිතා කලාට අපේ සමේ පැහැපත් වීමක් වෙන්නෙ නෑ. නමුත් මෙහි තියන කඩල පිටි, මුල්තාන් මිට්ටි හා දොඩම් පොතු නිසා මුහුණ  පිරිසිදු කකරගන්න වගේම පැහැපත් කරගන්නත් පුළුවන්.

ඉතින් මේ ගෙදරදීම පහසුවෙන් අඩු වියදමකින් හදාගන්න පුළුවන් ෆේස් වොෂ් එක පාවිච්චි කරලා ඔයාලට ඉක්මන් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.








Comments