සමේ වියපත් බව වලකන කෙසෙල් ගෙඩි සත්කාරය

 



කෙසෙල් ගෙඩි අපි කවුරුත් වයස භේදයකින් තොරව කන්න කැමති දෙයක්නේ. ඒ විතරක් නෙමෙයි කෙසෙල් ගෙඩි වලින් අපේ ශරීරයේ බොහෝ ඉන්ද්‍රියයන් වලට අවශ්‍ය පෝෂණ ගුණය ලබාගන්නත් පුළුවන්. ඉතින් මේ ලිපියෙන් අපි බලන්නේ කෙසෙල් ගෙඩි වලින් අපේ සමට ලබාගන්න පුළුවන් සත්කාර ගැන. කෙසෙල් ගෙඩි වල  තියන කහට ගතියෙන් අපේ සමේ සංකෝචන වැඩි කරන්න පුළුවන්.ඒ වගේම සම තදින් තබාගැනීමෙ හැකියාවත්, එල්ලා වැටීම්, රැලි වැටීම් අඩුකරලා වියපත් බව අඩුකරන්න පුළුවන්.

ඉතින් දැන් අපි බලමු මේ කෙසෙල් ගෙඩි වලින් අපේ මුහුණට මාස්ක් එකක් හදාගන්නේ කොහොමද කියලා.

මුලින්ම අවශ්‍ය දේවල් මොනවද කියලා බලමු 

1.කඩල පිටි / හාල් පිටි 

2. පිරිසිදු මී පැණි 

3. යෝගට් /එළකිරි /මුදවපු කිරි 

4.කෝමාරිකා කැබැල්ලක් 

5. කෙසෙල් ගෙඩියක් 

විශේෂයෙන්ම කියන්න ඕන ඔබට තියෙන්නේ වියලි සමක් නම් යෝගට් භාවිතා කළාට කමක් නෑ. නමුත් තෙල් සහිත සමක් තියෙන අය නම් යෝගට් , එළකිරි වැනි තෙල් අඩංගු දේවල් මුහුණේ ආලේප කිරීම සුදුසු වෙන්නේ නෑ .

දැන් අපි මේක හදාගන්න විදිය බලමු,

මුලින්ම කඩල පිටි තේ හැදි 2ක් පමණ ගෙන ඒකට මී පැණි තේ හැදි 2ක් එකතු කරගන්න. ඉන්පසු යෝගට් එකත් එයට එකතු කරගෙන හොදින් මිශ්‍ර කරගන්න. කෝමාරිකා කැබැල්ල හා කෙසෙල් ගෙඩිය බ්ලෙන්ඩ් කරලා මේකට  එකතු කරගන්නවා  මොකද කෙලින්ම එකතු කලොත් අපිට මේක  දියාරු ගතියට හදාගන්න බැරි වෙනවා. 


දැන් තියෙන්නේ මේක ආලේප කරගන්න, ඊට කලින් අපි අපේ මුහුණ හොදින් ස්ක්‍රබ් කරගන්න ඕන. මොකද මුහුණට ඕනම සත්කාරයක් කරන්න කලින් මුහුණේ මැරුණු සම ඉවත් කරගන්න අවශ්‍යයි. මුහුණේ , බෙල්ලේ ආලේප කලාට පස්සේ අපේ අත් වලටත් ආලේප කරන්න පුළුවන් නම් හොදයි. මොකද අපේ අත් වල සම ඉක්මනින් එල්ලා වැටීමට ලක්වෙන නිසා. විනාඩි 20ක් පමණ තියෙන්න ඇරලා මූණ මද උණුසුම් ජලයෙන් පිරිසිදු කරගන්න. අනිත් ෆේස් පැක් වගේ මේක මුහුණට සවි වීමක් වෙන්නෙ නෑ .

ඉතින් පහසුවෙන් ලාභදායී හොයාගන්න පුළුවන් මේ දේවල් භාවිතා කරලා ඔබත් සම වියපත් වීමෙන් වලක්වාගන්න.

Comments