ඇදුමක් ඇදීමේදී මේ දේවල් පිළිබඳව ඔබ සැලකිලිමත්ද??

 


අපි කවුරුත් ආකර්ෂණීය විදියට ඇදුම් අදින්න කැමතියිනේ. ඉතින් පිරිමි අයටත් වඩා මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්නෙ කාන්තාවන්. නමුත් යම් අවස්ථා වලදී අපේ නොදැනුවත්කම නිසා අපි භාවිතා කරන සමහරක් ඇදුම් වලින් අපේ ආකර්ෂණය අඩු වීමත් තවත් සමහර විට අනේ අයගේ හාස්‍යයට ලක්වීමටත් සිදුවෙනවා. ඉතින් අපි ඇදුමක් අදින කොට සැලකිලිමත් වෙන්න ඕන දේවල් වලින් ටිකක් මේ ලිපියෙන් දැනගමු.


1. 


ඔබ බ්ලවුස් එකක් ඇදීමේදී ඔබට බොත්තම් ඇරලා තියන්න පුළුවන් එකක් හෝ දෙදෙකක් පමණි.


2.


ඔබ කරාබු දෙකක් පළදින විට අත් පළදනාවක් හා මාලයක් යන දෙකම පැළදීමෙන් ඔබට අවශ්‍ය පමණට වඩා කැපී පෙනීමටත්, නොගැලපෙන ස්වරූපයක් ලැබෙන්නත් පුළුවන්. ඒ නිසා මේ දේවල් තුනෙන් දෙකක් පමණක් යොදාගැනීමෙන් ආකර්ෂණීය පෙනුමක් ලබාගන්න පුළුවන්.


3. 


ඔබ ගවුමක් අදින විටදී උඩුකය නිරාවරණය වීමත් ගවුම කොට වීමත් යන අවස්ථා දෙකම එකම විට ඇතිවිට යම් නොගැලපීමක් හා අවීනීත ස්වභාවයක් ඇති වෙනවා. ඒ නිසා ඔබ ගවුමක් ඇදීමේදී එය උඩුකය නිරාවරණය වන එකක් නම් දිගින් වැඩි ලෙසත් උඩුකය ආවරණය වී ඇත්නම් කොට ටත් ලෙස තෝරගන්න පුළුවන්.


4. 


ඔෆිස් බ්ලවුස් එකක් ඇදීමේදී එහි උඩු විවරය අගල් 4ක් පමණ වීම වඩාත් සුදුසු වෙනවා.


5. 


වැඩි වශයෙන් වර්ණ සහිත මුද්‍රිත ඇදුම් භාවිතා කිරීමට වඩා ගැලපෙන වර්ණයන් එකක් හෝ දෙකක් සහිත ඇදුම් භාවිතා කිරීම වඩාත් සුදුසුයි.


6. 


අත් රහිත ඔෆිස් බ්ලවුස් එකක් අදින විට පටි සහිත එකකට වඩා උරහිස ආවරණය කළ එකක් වඩාත් සුදුසු වෙනවා. මොකද රාජකාරි අවස්ථාවකදී පටි සහිත ඇදුමක් සුදුසු වන්නේ නෑ. 


7. 


කලිසමක් හා බ්ලවුස් එකක් ඇදීමේදී ඔබේ උදරය නිරාවරණය වීමට වඩා ආවරණය වන සේ ඇදීමෙන් වැදගත් පෙනුමක් ලබාගත හැකි වෙනවා.


8. 


හැමවිටම ඔබේ සිරුරේ හැඩයට ගැලපෙන ලෙස ඇදුම් තෝරාගැනීම කළයුතු වෙනවා.  විශාල ඇදුම් ඇදීමෙන් ඔබේ ආකර්ෂණීයත්වය අඩුවේ.


9. 


විශේෂ අවස්ථාවකට සහාභාගී වීමේදී ඉතා කුඩා අත් බෑගයක් භාවිතා කිරීම සුදුසු වෙනවා. කුඩා බෑගයක් භාවිතා කිරීමෙන් ඔබේ සරල හා පහසු විලාසය අන් අයගේ සිත් ගැනීමට ලක්වෙනවා.

Comments