තක්කාලි කියන්නේ කෑමක් විතරද?

 

තක්කාලි කියන්නේ එළවළුවක් නේ. ඒත් මේ තක්කාලි කෑමට ගන්න විතරක් නෙමෙයි සමේ බාහිරව ආලේප කරන්නත් සුදුසු දෙයක්. මොකද තක්කාලි වල අඩංගු වන විටමින් c , විටමින් k හා පොටෑසියම් මගින් සමට දිදුලන පෙනුමක් ලබාදෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ ලිපියෙන් කතා කරන්නේ තක්කාලි වලින් ගෙදරදීම කරගන්න පුළුවන් සත්කාරයක් ගැන. මේක ප්‍රධාන කොටස් 3කින් සමන්විත වෙනවා. 

1. ක්ලෙන්සර් 
2. ස්ක්‍රබ් 
3. ෆේස් මාස්ක් 
 
මුලින්ම ක්ලෙන්සර් එක ගැන බලමු 



තක්කාලි ගෙඩිය හොදින් සෝදලා මුලින් ග්‍රේට් කරගන්න. එතකොට තක්කාලි යුෂ ලබාගන්න පුළුවන්. ක්ලෙන්ස් එකට අවශ්‍ය වෙනවා, 

1. තක්කාලි යුෂ තේ හැන්දක් 
2. දෙහි බිංදු 5ක්
3. ෆ්‍රෙෂ් මිල්ක් තේ හැන්දක් 

මේ තුන හොදින් මිශ්‍ර කරගන්න.

ඉතින් ක්ලෙන්සර් එකකින් කරන්නේ  කොහොමත් මුහුණ පිරිසිදු කරගැනීමක් නේ. හදාගත්ත ක්ලෙන්සර් එක පුළුන් කෑල්ලක් ආධාරයෙන් හොදින් මුහුණේ ආලේප කරගන්න ඕන. විනාඩි 5ක් පමණ ක්ලෙන්සර් කරගන්නවා නම් හොදයි. මොකද මේවායේ ගුණ හොදින් සමට උරාගන්න වගේම මුහුණේ ඇති කුණු දූවිලි හොදින් ඉවත් කරගන්නත් පුළුවන්. මෙය ඕනම සමක් සහිත කෙනෙක්ට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන හදලා තියන නිසා. 

ක්ලෙන්සර් කරලා ඉවර වුණාම ෆේස් ස්ක්‍රබ් එක කරගන්න ඕන. ඒකට අවශ්‍ය වෙනවා,

1. සීනි තේ හැන්දක් 
2. තක්කාලි යුෂ තේ හැන්දක් 



මේ දෙක මිශ්‍ර කරලා මුහුණේ ආලේප කර හොදින් විනාඩි 5ක් පමණ ස්ක්‍රබ් කරගෙන මද උණුසුම් ජලයෙන් සෝදාහරින්න.

ඉන්පසු ෆේස් පැක්  එක හදාගන්න ඕන. ඒකට අවශ්‍ය වෙනවා,

1. කඩල පිටි 
2. මුල්තාන් මිට්ටි හා සුදු හදුන් මිශ්‍රණය 
3. තක්කාලි යුෂ 
4. යෝගට් හෝ මුදවපු කිරි 


 
කුරුලෑ සහිත සමක් නම් යෝගට් භාවිතා කරන්න එපා. ඒ වෙනුවට ජලය යොදාගන්න පුළුවන්. මේ ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කරගෙන විනාඩි 20ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදාහරින්න.

ඕනම ෆේස් පැක් එකක් භාවිතා කලාට පස්සේ මුහුණ ටෝනර් කරගන්න ඕන. ටෝනර් මගින් මුහුණේ ඇරුණු සිදුරු වහන එක තමයි කරන්නේ. මේ සදහා ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන ටෝනර් එකක් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නං රෝස වතුර මගිනුත්  ටෝනර් කරගැනීමේ හැකියාව තියෙනවා. 

Comments