හිස් හොරි වදයෙන් පපහසුවෙන් මිදෙමුද..

 


හිස් හොරි කියන්නේ කාන්තා පිරිමි භේදයකින් තොරව හැමදෙනාටම එකසේ බලපාන ගැටලුවක්. හිස් හොරි නිසා හිසකෙස් ගැලවී යාමත් ඒ වගේම හිස් හොරි කැබලි මුහුණට වැටීමෙන් කුරුලෑ ඇතිවීමත් සිදුවෙනවා. හිස් හොරි සුවකර ගැනීමේ ප්‍රතිශතය 98% යි. මොකද හිස් හොරි සම්පූර්ණයෙන් සුව කරගන්න බෑ. පාලනය කිරීමක් විතරයි කරන්න පුළුවන් වෙන්නේ.

ඉතින් මේ හිස් හොරි වදයෙන් මිදෙන්න නිවසේ තියෙන පුංචි දේවල් ටිකක් යොදාගන්න පුළුවන්. මේ ලිපියෙන් ක්‍රම ගණනාවක් මං හදුන්වලා දෙනවා. ඔයාලට පුළුවන් ඔයාලට පහසු එක ක්‍රමයක් දිගටම අනුගමනය කරන්න.

1.මී පැණි 


මී පැණි මගින් හිස් කබල පෝෂණය කරනවා වගේම හිස් හොරි නැති කිරීමේ හැකියාවත් තියෙනවා. මී පැණි තේ හැන්දක් පමණ මද උණුසුම් ජලයෙ දියකර හිසේ ගල්වා විනාඩි 5ක් පමණ හොදින් සම්බහනය කර සෝදාහරින්න.


2. ඇස්ප්‍රින් 

ඇස්ප්‍රින් වල අඩංගු සැලිසිලික් අම්ලය තමයි වෙළදපොලේ පවතින බොහෝ හිස් හොරි පාලනය කරන නිෂ්පාදන වල අඩංගු වෙන්නේ. ඉතින් ඇස්ප්‍රින් පෙති 2ක් කුඩු කරලා ඔයාලා එදිනෙදා පාවිච්චි කරන ෂැම්පු එකට එකතු කරලා පාවිච්චි කරන්න. ෂැම්පු හිසේ ගල්වලා විනාඩි 5ක් පමණ තබා සෝදාහරින්න.

3. බේකින් සෝඩා

මුලින්ම හිස හොදින් තෙත් කරගෙන බේකින් සෝඩා තේ හැන්දක් පමණ හිසට දමා හොදින් සම්බහනය කරන්න. ඉන්පසු ෂැම්පු නොදා සෝදාහරින්න. බේකින් සෝඩා ඔබේ හිසේ හිස් හොරි ඇති කරන දිලීර වලට එරෙහිව සටන් කරන නිසා ඔබට හිස් හොරි කරදරයෙන් බේරෙන්න පුළුවන්. මේක භාවිතා කිරීමේදි මුල් කාලයේ හිසේ වියලි ස්වභාවයක් දකින්න ලැබුණත් ක්‍රමයෙන් ඒ තත්ත්වය මගහැරී යනවා.


4. පොල්තෙල් 


ස්නානයට පෙර පොල්තෙල් තේ හැදි 3ක් හෝ 5ක් පමණ ගෙන හොදින් හිසේ ගල්වා සම්බහනය කරන්න. පැයක් පමණ තබා ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන ෂැම්පු වර්ගයකින් සෝදාහරින්න.


4. ඔලිව් ඔයිල් 


ඔලිව් ඔයිල් මගින් හිස් හොරි මර්දනය කරනවා වගේම හිසකෙස් වර්ධනය කිරීමටත් , ඝන කලුවන් හිසකෙස් ලබා ගැනීමටත් උදව් කරනවා. ඔලිව් ඔයිල් බිංදු 10ක් පමණ හිස් කබලේ ගල්වා හොදින් විනාඩි 10ක් පමණ සම්බහනය කොට එය තුවායකින් හෝ ශවර් කැප් එකකින් වසා මුලු රැයක් තබා සෝදාහරින්න. ඉක්මන් ප්‍රතිඵල සදහා ඔලිව් ඔයිල් අඩංගු ෂැම්පු එකක් භාවිතා කරන්නත් පුළුවන්.


6. සුදුළූණු


සුදුළූණු කියන්නේ හිස් හොරි ඇතිකරන බැක්ටීරියා මර්දන කාරකයක්. සුදුළූණු බික් කීපයක් ගෙන හොදින් පොඩිකර හිස් කබලේ ගල්වා විනාඩි 5ක් සම්බහනය කර සෝදාහරින්න. ඔබ සුදුළූණු වල ගන්දයට අකමැති නම් එයට මී පැණි ස්වල්පයක් එකතු කර භාවිතා කරන්න පුළුවන්.


7. ලුණු 


ලුණු වලට හිස් හොරි ඉවත්කිරීමේ විශේෂ හැකියාවක් තියෙනවා. ලුණු කියන්නේ කොහොමත් පිරිසිදු කාරකයක්නේ. ලුණු ස්වල්පයක් ගෙන හිසේ ෂැම්පු ගැල්වීමට පෙර හිසට යොදා විනාඩි 5ක් පමණ හොදින් සම්බහනය කර ඉන්පසු ෂැම්පු දමා සෝදාහරින්න.


9. දෙහි


තේ හැදි 2ක් පමණ දෙහි යුෂ අඅරගෙන හිස් කබලේ ගල්වා හොදින් සම්බහනය කරන්න. වැඩි වෙලාවක්  මෙය හිසෙහි රදා නොපැවතීමටත් වගබලාගන්න. ඉන්පසු තේ හැන්දක පමණ දෙහි ජලයෙ සමග මිශ්‍ර කොට හිස සෝදාහරින්න. හිස හිස් හොරි වලින් නිදහස් වන තුරුම මෙය දිනපතා සිදුකරන්න.

ඉතින් ගෙදරදී පහසුවෙන් හොයාගන්න පුළුවන් මේ දේවල් වලින් එක් දෙයක් පමණක් යොදාගෙන හිස් හොරි පාලනය කරගන්න ඔයාලටත් පුළුවන්.







Comments