සිලිකන් ඇත්තටම හොදයිද ???

 


සිලිකන් කියන්නේ කවුරුත් දන්න අහලා පුරුදු දෙයක්නේ. සිලිකන් ඔයිල් විදියට ත් වගේම අපි පාවිච්චි කරන බොඩි ලෝෂන්, ෂැම්පු , කන්ඩිෂනර් වගේ ගොඩක් දේවල් වල සිලිකන් අඩංගු වෙනවා. ඔයාලා මොනවහරි නිෂ්පාදනයක් වෙළදපොලෙන් ගන්න කොට අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක් තමා එහි සිලිකන් අඩංගු වෙනවද නැද්ද කියලා.

සිලිකන් කියන්නේ ඛනිජ ද්‍රව්‍යක්. සිලිකන් වලින් වැඩිපුරම කරන්නේ  හිසකෙස් වලට දිලිසීමක් ලබාදෙන එක. ඒ නිසා තමා කොණ්ඩෙ රීබොන්ඩින් එහෙම නැත්නං මොකක් හරි හෙයා සෙටින් එකක් කලාම සිලිකන් ඔයිල් පාවිච්චි කරන්න කියන්නේ. සිලිකන් කියන්නේ ඇත්තටම එක ද්‍රව්‍යක් නෙමෙයි. ගොඩක් වෙලාවට අමුද්‍රව්‍ය ගොඩක එකතුවක් විදියට තමයි තියෙන්නේ.සිලිකන් ප්‍රධාන වශයෙන් ජලයේ දියවන හා දිය නොවන ලෙස වර්ග දෙදෙකක් තියනවා. අපි පාවිච්චි කරන නිෂ්පාදන වල ගොඩක් වෙලාවට අඩංගු වෙන්නේ මේ ජලයේ දිය නොවන එක.


ඇත්තටම මේ සිලිකන් හොදයිද??

සිලිකන් වලින් හිතකර ප්‍රතිඵල වගේම අහිතකර ප්‍රතිඵල ත් තියෙනවා. හිතකර ඒවා විදියට ගත්තොත් සිලිකන් වලින් ඇත්තටම හොඳ දීප්තියක් ලබා දෙනවා. ඒ වගේම සිලිකන් වලින් කොණ්ඩෙ වියලි බව අඩු කරනවා. ඒ වගේම කොණ්ඩෙ පළුදු තැන් පුරවලා බාහිර තෙතමනය ආරක්ෂා කරනවා. අපි කවුරුත් දන්නවානේ අපේ සමට ඇතිවන බාහිර බලපෑම් ගැන. ඒ වගේම අපේ හිසකෙසුත් බාහිර බලපෑම් එනම් අධික රස්නය, කුණු , දූවිලි , දහඩිය වගේ දේවල් වලින් අගතියට පත් වෙනවා. සිලිකන් වලට පුළුවන් මේ බාහිර බලපෑම් වලින් හිසකෙස් ආරක්ෂා කරන්න. ඒ නිසා තමයි නිතරම කොණ්ඩෙ අයන් කරන, රීබොන්ඩින් කරන අයට සිලිකන් ඔයිල් පාවිච්චි කරන්න කියන්නේ.


හැබැයි මේවායේ අතුරු ප්‍රතිඵල ත් ඉතාමත් අහිතකර වෙනවා. සිලිකන් කියන්නේ හරියට රබර් එකක් එහෙම නැත්නං සීලර් එකක් කියලා කියන්න පුළුවන් මොකද කොණ්ඩෙ අධික රස්නය න් බේරගන්න සිලිකන් වලට හැකියාවක් තියෙන නිසා.  හැබැයි සිලිකන් දිගුකාලීන  භාවිතය හින්දා හිසකෙස් වල පොලිතීන් ,ප්ලාස්ටික් වගේ මේවා රැදිලා තියෙනවා. කොච්චර සෝදා හැරියත් ඉවත් වෙන් නෑ.  

ඒ වගේම මේ හින්දා හිසකෙස් ඇතුලතින් වියලීම ආරම්භ වෙනවා. මොකද කෙස් මත තියෙන ප්ලාස්ටික් ආවරණය නිසා අපි හිසකෙස් වලට කරන කිසිම සත්කාරයක් කෙස් වලට උරාගැනීමේ හැකියාවත් නැති වෙනවා.   

ඒ වගේම තමයි ක්‍රේල් කොණ්ඩ තියෙන අය තමන්ගේ කොණ්ඩෙ දීප්තිමත් කරගන්න කියලා සිලිකන් පාවිච්චි කරන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද සිලිකන් වලට කෙස් දිගින් වැඩිකිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ අයගේ  කොණ්ඩෙ ක්‍රේල් ගතිය අඩු කරන්න වුණත් මේ සිලිකන් වලට පුළුවන්.

ඒ නිසා අපි වෙළදපොලෙන් නිෂ්පාදනය මිලට ගන්නකොට ඒවායේ සිලිකන් අඩංගු වෙනවද කියලා විශේෂයෙන් බලන්න ඕන.

Comments