කෝමාරිකා ෆේස් මාස්ක්


 ඔබ මම කවුරුත් දන්න දෙයක් තමයි කෝමාරිකා අපේ ශරීරයේ යම් යම් ඉන්ද්‍රියයන් වල ඇතිවන අස්වාභාවික තත්ව වලදී වගේම ස්වභාවිකවම අපේ ශරීරය නිරෝගීව තබාගැනීමට ඉතාමත් ලේසියෙන් පහසුවෙන් අපට හොයාගන්න පුළුවන් දෙයක් බව. ලංකාව වැනි හොදින් 🌞  ලැබෙන රටක කෝමාරිකා ඉතා ශීඝ්‍රයෙන් වගා කරගන්න පුළුවන්. ඉතින් මේ ලිපියෙන් අපි කෝමාරිකා වල ඖෂධීය වටිනාකමට වඩා කෝමාරිකා භාවිතයෙන් අපේ ස්වභාවික සුන්දරත්වය වර්ධනය කරගන්නේ කොහොමද කියලා තමයි බලන්නේ . මූණට විතරක් නෙමෙයි අපේ කොණ්ඩෙට කිහිලි,ඉකිලි වැනි ප්‍රදේශ වලට ඒ වගේම යටි පතුල් වල පවතින යම් යම් ප්‍රශ්න මගහරවා ගන්න අපිට කෝමාරිකා භාවිතා කරන්න පුළුවන්.

අපි මේ ලිපියෙන් ප්‍රධාන වශයෙන් කෝමාරිකා වලින් මූණට කරන්න පුළුවන් සත්කාර මොනවද කියලා බලමු.

කෝමාරිකා ෆේස් පැක් වර්ග 6ක් අපේ සමේ ස්වභාවය  අනුව තෝරගන්න පුළුවන්.

1.කෝමාරිකා ෆේස් ස්ක්‍රබ්

අවශ්‍ය ද්‍රව්‍ය -: කෝමාරිකා මදය තේ හැන්දක                                ප්‍රමාණයක් 

                          බ්ලෙන්ඩ් කරගත් සීනි තේ                                      හැන්දක්

පළමුව හොදින් මුහුණ පිරිසිදු කරගන්න ඕන. ඒ සදහා ඔබ භාවිතා කරන සබන්, ෆේස් වොෂ් ඕන දෙයක් භාවිතා කරන්න පුළුවන්. ඉන්පසු මේ ද්‍රව්‍ය දෙක හොදින් මිශ්‍ර කරගෙන ඔඔබේ මුහුණේ උඩු අතට හොදින් ආලේප කර විනාඩි 10 ක් වැනි කාලයක් හොදින් සම්බහනය කරන්න. ඉන්පසු විනාඩි 5ක් පමණ තබා සාමාන්‍ය ජලයෙන් එය සෝදාහරින්න පුළුවන්. අවශ්‍ය නම් ඉන්පසු ටෝනර් එකක් භාවිතා කළත් ප්‍රශ්නයක් නෑ.

මෙමගින් ඔබේ මුහුණේ මැරුණු සම ඉවත් කරගන්න පුළුවන්.


2. පිම්පල්ස් සහිත සමකට 

අවශ්‍ය ද්‍රව්‍ය -: කෝමාරිකා මදය තේ හැන්දක් 

                           දෙහි බිංදු 10ක් 


මේ ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කරගෙන මුහුණේ හා බෙල්ලේ උඩු අතට ඇස් වටා හැර හොදින් ආලේප කරගන්න. ඉන්පසු විනාඩි 20ක් පමණ තබා සාමාන්‍ය ජලයෙන් සෝදාහරින්න. සතියකට දින 3ක් පමණ කරන්න පුළුවන්.


3. වියලි සම සදහා 

අවශ්‍ය ද්‍රව්‍ය -: කෝමාරිකා මදය තේ හැන්දක් 

                           මී පැණි තේ හැන්දක් 


මේ ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කරගෙන ඇස් වටා හැර මුහුණේ හා බෙල්ලේ හොදින් ආලේප කරගන්න. විනාඩි 20ක් පමණ තබා පිරිසිදු කරගන්න පුළුවන්. සතියකට දින 3ක් පමණ භාවිතා කරන්න පුළුවන්.


4. අදුරු පෙනුම සදහා 

අවශ්‍ය ද්‍රව්‍ය -: කෝමාරිකා මදය තේ හැන්දක් 

                           ඉදුණු තක්කාලි මදය තේ                                           හැන්දක් 

  මේ ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කරගෙන මුහුණේ හා බෙල්ලේ ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදාහරින්න. සතියකට දින 2ක් පමණ භාවිතා කරන්න පුළුවන්.


5. සම  පැහපත් කරගැනීමට 

අවශ්‍ය ද්‍රව්‍ය -:කෝමාරිකා තේ හැන්දක් 

                         ඉදුණු ගස්ලබු මදය තේ හැන්දක් 

 

මේ ද්‍රව්‍ය මිශ්‍ර කරගෙන මුහුණේ හා බෙල්ලේ හොදින් ආලේප කරකරගෙන විනාඩි 20ක් පමණ තබා සෝදාහරින්න. සතියකට දින 2ක් පමණ භාවිතා කරන්න පුළුවන්.


6. පිග්මන්ටේශන් සහිත සමකට 

අවශ්‍ය ද්‍රව්‍ය -: කෝමාරිකා මදය තේ හැන්දක් 

                          බ්ලෙන්ඩ් කරගත් අල තේ

                           හැන්දක් 


මේ ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කරගෙන මුහුණේ හා බෙල්ලේ හොදින් ආලේප කකරගෙන විනාඩි 20ක් පමණ තබා සෝදාහරින්න. සතියකට දින 3ක් පමණ භාවිතා කරන්න පුළුවන්.


තමන්ගේ සමේ ස්වභාවය හොදින් තේරුන් ගෙන මේ ෆේස් මාස්ක් වලින් එකක් දිගටම කලොත් ඔබට පැහැදිලි වෙනසක් දැකගන්න පුළුවන්.

ඉතින් ඊළඟ ලිපියෙන් අපට කෝමාරිකා භාවිතයෙන් අපේ කොණ්ඩෙට කරන්න පුළුවන් සත්කාර මොනවද කියලා දැනගමු.





Comments