දිගු වෙලාවක් ඉදගෙන සිටීමෙන් වන හානිය ඔබ දැන සිටියාද?
බොහෝවිට මේ ලිපිය කියවන වෙලේ වුනත් ඔයාලා ඉන්නේ කොතනක හරි හොදට සැප පහසුවට වාඩිවෙලා නේද? ඒ වගේම එක තැනක මිනිත්තු කීපයක් වාඩිවෙලා ඉන්නකොට ඒ ඉරියව්ව ඔයාට වඩාත් පහසු ලෙස දැනෙන්න ගන්නවා. නමුත් මේ විදියට ගොඩක් වෙලා වාඩිවෙලා ඉන්නකොට ඔයාගේ සිරුරෙන් පොඩි කැළඹීමක් ඇතිවෙනවා. එතකොට ඔයාලා බොහොම පොඩි වෙලාවකට විතරක් එතනින් නැගිට්ටත් ආයි සුපුරුදු විදියටම වාඩිවෙලා ඉදීමේ ඉරියව්වට මාරු වෙනවා. මොකද අපේ සිරුර දැන් හැමවෙලෙම කැමති වාඩිවෙලා ඉන්න විතරයි. ඉදගැනීම බොහෝ අවස්ථා වල අපේ සිරුරේ ඇතිවන ආතති තත්ව වලින් අපිව යම් තරමකට මුදවන්න උදව් වෙනවා. ඒ වගේම ඔබගේ ව්‍යායාම්වලට අවශ්‍ය ප්‍රකෘති භාවය ලබාදීමටත් දායක වෙනවා. නමුත් වර්තමානයේ අපේ ජීවන රටාවා හැඩගැහිලා තියෙන්නේ ඇවිදීමට වඩා වැඩි වෙලාවක් ඉදගෙන ඉන්න. නමුත් සාමාන්‍යයෙන් අපේ සිරුර හැඩගැහිලා තියෙන්නේ මේ වාඩිවී සිටින ඉරියව්වට නෙමෙයි. මිනිස් සිරුර නිර්මාණය වෙලා තියෙන්නෙම ක්‍රියාවන් වලට, සිරුරේ අභ්‍යන්තර සැකැස්ම එයට හොඳ සාසාක්ෂියක් වෙනවා. එනම් සිරුරේ සන්ධි 360 කුත්, අස්ථි 700 කුත් පවතිනවා. එමගින් සිරුරේ ගලායන අංග චලන වලට පහසු කරනවා. තවද සිරුරේ තියන විශේෂි...