යෝගා ඔබේ සිරුරට හා මොළයට ඇත්ත වශයෙන්ම හිතකරද?

 


පළමු හා පස්වන සියවස අතර කාලයේදී, හින්දු ඉසිවරයෙක් අතීත භාවනාමය ක්‍රමයක් සම්පාදනය කරනවා, ඒ වගේම ඉන්දියාව පුරාම ඔහු එය පුහුණු කරවනවා. ඔහු එම ශිල්පක්‍රම වාර්තාගත කළා කාර්‍ය සංග්‍රහ 196කින් යුත් 'යෝගා සූත්‍රා' නම් පුස්තකයක. යෝගා යනු මනස වෙනත් අතුරු දේවල් වලට යොමුකිරීමෙන් වලකන නිවාරණයක් ලෙසත් එමගින් අවශ්‍ය සිහිය මනාව එළඹවාගැනීමට ඇති හැකියාවත් ලෙස මෙහි හදුන්වා දී තිබෙනවා.

පසු කාලයේ යෝගා කායික අංග බවටත් අන්තර්ගත කෙරුණා සරඹ හා පොර බැදීම යන ආකාර වලින්. වර්තමානයේ යෝගා ආකාර විවිධ ක්‍රම වලින් දක්නට ලැබෙන අතර ප්‍රධාන අංග තුනකින් යුක්ත වෙනවා. එනම් කායික ඉරියව්, හුස්ම ගැනීමේ අභ්‍යාස හා අධ්‍යාත්මික ඒකාග්‍රතාව යන්නයි. මෙමගින් කායික හා මානසික ව්‍යායාමයන් මිශ්‍ර කරන අතර එමගින් විශේෂිත වූ සෞඛ්‍ය වාසි රැසැක් ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.

එනම් ශශක්තිය හා නම්‍යශිලීත්වය වැඩිදියුණු කිරිම, හර්දයේ හා පෙනහලු ක්‍රියාකාරිත්වය වැඩිකර මානසික සුවතාවයත් වැඩිදියුණු කරනු ලබනවා. සමකාලීන අඅධ්‍යයනයන් මගින් පෙන්නුම් කරනවා මේ මානසික හා කායික ක්‍ක්‍රියාකාරකම්වල පවතින ඒඒකාබද්ධතාවය නිසා ලැබෙන විශේෂ වූ සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳව.යෝගා ව්‍යායාම්වල නිතරම කුඩා ප්‍රමාණයේ නියැදි පවතින අතර එමගින් යෝගා ව්‍යායාම්වල විවිධත්වයක් ඇතිකරන අතර තමන් කරන ව්‍යායාම් දිනපතා වාර්තාගත කිරීමෙන් තමන් තුළ ඒ පිළිබඳව විශ්වාසයක්ද ඇතිවෙනවා. 

ඒ වගේම දැන් බලමු මේ යෝගා මගින් ලබාගන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවද කියලා, ඒ වගේම සාමාන්‍ය ව්‍යායාම්වලට වඩා ශක්තිමත් විද්‍යාත්මක පසුබිමක්ද මේ යෝගා ව්‍යායාම සතුයි.   

මුලින්ම නම්‍යශිලීත්වය හා ශක්තිමත් බවෙන් පටන්ගමු.



යෝගා වලදී කායික ඉරියව්වක් ලෙස සිරුර ඇඹරීමකට ලක් කරනවා. එමගින් සිරුරේ මාංශ පේශි හොදින් ඇදීමකට ලක්වෙනවා. කුඩා නැමුම් මගින් මේ මාංශ පේශි තුළ පවතින ජල අන්තර්ගතය වෙනස් කිරීමට පුළුවන්. ඒ වගේම සිරුරේ බන්ධනී හා ඛන්ඩරාවන් වඩාත් ඇදීමේ ස්වභාවයට ලක්කරනවා. මෙසේ දිනපතා සිදුවන ඇදීම් මගින් සිරුරේ ප්‍රාථමික සෛල උත්තේජනය කිරීමත් එමගින් වෙනස්කම් සහිත නව පේශි පටක හා තවත් ඇදෙන සුළු කොලැජන් උත්පාදනයත් සිදුවෙනවා.

නිතර සිදුවන ඇදීම් මගින් සිරුරේ ස්වභාවික ප්‍රථ්‍යාවර්තීතාව අඩුකර මාංශ පේශි තද කිරීමක් සිදු කරන අතර එමගින් සාමාන්‍යයෙන් ලබාගැනීමට අපහසු නම්‍යශිලීත්වය ලබා ගැනීමේදී ඇතිවන වේදනාවන්ට ඔරොත්තු දීමට සිරුර පුහුණු කරවනු ලබනවා.


අධ්‍යයනයන්වලදී ඔප්පු වෙලා තියෙනවා සාමාන්‍ය ව්‍යායාම්වල යෙදෙන අයට මාංශ පේශි ආශ්‍රිත රෝගාබාධ වලට ලක්වී ඇතිබව. ඉතින් මේ යෝගා ගොඩක් උපකාරී වෙනවා මෙවැනි වේදනාවෙන් අඩුකිරීමටත් ඔවුන්ගේ සංචරණය පහසු කිරීමටත් අනිකුත් ව්‍යායාම්වලට වඩා.

ඔබගේ සාමාන්‍ය ව්‍යායාම් රටාවට යෝගා එකතු කිරීමෙන් සිරුරේ ශක්තිය වැඩිකර ගැනීමටත් සිරුරේ පිටුපසින් ඇතිවෙන වේදනාවන් සමනය කරගැනීමටත් දායක වෙනවා. තවද Rheumatoid arthritis හා  osteoporosis වැනි රෝග ඇතිවීමත් පාලනය කරනු ලබනවා.

යෝගා මගින් කායික ව්‍යායාම් මෙන්ම හුස්ම ගැනීමේ අභ්‍යාස මගින් පෙනහලු වල සුවතාවයත් ඇතිකරනවා. පෙනහලු රෝග වන chronic bronchitis, emphysema හා asthama වැනි රෝග තත්වයන්හීදී සිරුර පුරා ඔක්සිජන් ගෙනයන නාළ ඇකිළීම නිසා ඔක්සිජන් නොලැබීමෙන් එම පටක දුර්වල තත්වයට පත්වීමත් සිදුවෙනවා. නමුත් යෝගා වලදී සිදුකරන මේ හුස්ම ගැනීමේ අභ්‍යාස නිසා මාංශ පේශි හා නාළ ඉහිල් වීමක් සිදුවෙනවා. එමෙන්ම ඔක්සිජන් විසරණය වීමත් වැඩිදියුණු කරනවා.

තවද සිරුරේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩිකිරීමට දායක වීමත් අගය කල යුත්තක් වෙනවා. එනම් හර්ද රෝගී තත්ව වලදී දුර්වල පටක සහිත හර්දයක් පවතින විට සිරුරට ලැබෙන ඔඔක්සිජන් ප්‍රමාණය අඩුවීමෙන් ගැටලු පැන නැගෙන අතර නිරෝගී හර්දයක් පවතින නිසා රුධිර පීඩනය අඩු කිරීමටත් අවදානම් තත්ව පාලනය කිරීමටත් හැකිවෙනවා.

යෝගා වලින් සිදුවන ප්‍රධානම වාසියක් තමා එමගින් සිදුවන මානසික සුවතාව. යෝගා මගින් විශාදය හා ආතතිය වැනි තත්ව අඩුකරනවා.  එනම් මේ සදහා භාවනා කිරිම් විශ්‍රාන්ති වැනි යෝගා ක්‍රම යොදාගෙන තියෙනවා.

නවතම අධ්‍යයනයන්වලින් හෙලිවෙලා තියෙනවා යෝගා වල යෙදීමෙන් හර්දයාබාධ ඇතිවෙන ප්‍රමාණයත්, පිළිකා තත්ව ඇතිවීමේ ප්‍රවණතාවත් අඩුවෙන අතර බුද්ධිය වැඩිදියුණු වෙන බවත්. එනිසා දිනපතා යෝගා ක්‍රම භාවිතා කිරීම මගින් ඔබගේ ශාරීරික හා මානසික ඒකාග්‍රතාව වැඩිවන අන්දම දැකගන්නට පුළුවන්.

Comments