දිගු වෙලාවක් ඉදගෙන සිටීමෙන් වන හානිය ඔබ දැන සිටියාද?

 


බොහෝවිට මේ ලිපිය කියවන වෙලේ වුනත් ඔයාලා ඉන්නේ කොතනක හරි හොදට සැප පහසුවට වාඩිවෙලා නේද? 

ඒ වගේම එක තැනක මිනිත්තු කීපයක් වාඩිවෙලා ඉන්නකොට ඒ ඉරියව්ව ඔයාට වඩාත් පහසු ලෙස දැනෙන්න ගන්නවා. නමුත් මේ විදියට ගොඩක් වෙලා වාඩිවෙලා ඉන්නකොට ඔයාගේ සිරුරෙන් පොඩි කැළඹීමක් ඇතිවෙනවා. එතකොට ඔයාලා බොහොම පොඩි වෙලාවකට විතරක් එතනින් නැගිට්ටත් ආයි සුපුරුදු විදියටම වාඩිවෙලා ඉදීමේ ඉරියව්වට මාරු වෙනවා. මොකද අපේ සිරුර දැන් හැමවෙලෙම කැමති වාඩිවෙලා ඉන්න විතරයි.

ඉදගැනීම බොහෝ අවස්ථා වල අපේ සිරුරේ ඇතිවන ආතති තත්ව වලින් අපිව යම් තරමකට මුදවන්න උදව් වෙනවා.  ඒ වගේම ඔබගේ ව්‍යායාම්වලට අවශ්‍ය ප්‍රකෘති භාවය ලබාදීමටත් දායක වෙනවා. නමුත් වර්තමානයේ අපේ ජීවන රටාවා හැඩගැහිලා තියෙන්නේ ඇවිදීමට වඩා වැඩි වෙලාවක් ඉදගෙන ඉන්න.

නමුත් සාමාන්‍යයෙන් අපේ සිරුර හැඩගැහිලා තියෙන්නේ මේ වාඩිවී සිටින ඉරියව්වට නෙමෙයි. මිනිස් සිරුර නිර්මාණය වෙලා තියෙන්නෙම ක්‍රියාවන් වලට, සිරුරේ අභ්‍යන්තර සැකැස්ම එයට හොඳ සාසාක්ෂියක් වෙනවා. එනම් සිරුරේ සන්ධි 360 කුත්, අස්ථි 700 කුත් පවතිනවා. එමගින් සිරුරේ ගලායන අංග චලන වලට පහසු කරනවා. තවද සිරුරේ තියන විශේෂිත වූ සැකැස්ම මගින් හිටගැනීමටත් ගුරුත්වාකර්ෂණයට එරෙහිව ඇදී සිටීමටත් දායක වීමක් සිදු වෙනවා.

අපගේ රුධිරයත් සැකසිලා තියෙන්නේ සිරුරේ සිදුවන චලනයන් වලදී පමණක් නිවැරැදි ලෙස සිරුර තුළ සංසරණය වීමටයි. ඒ වගේම සිරුරේ ස්නායු සංචරණය පහසු කරන අතර සම තුළ පවතින ඉලාස්ටික් සිරුරේ චලන වලට අවශ්‍ය අච්චුවක් ලෙසත් ක්‍රියා කරනවා. ඒ වගේම සිරුරේ සෑම අගලක්ම බලා සිටින්නේ ඔබ චලනය වන තුරුයි.

මොකක්ද වෙන්නේ ඔබ එහෙම කලේ නැත්නං?

මුලින්ම ගැටලුව ආරම්භ වෙන්නේ ඔබේ කශේරුකාවෙන්. ඔබේ කශේරුකාව සෑදී තිබෙන්නේ දිගටි හැඩයකටයි. එමෙන්ම එය අස්ථි වලින් හා ඒ අතර පිහිටි කාටිලේජ තැටි මගින්ද සමන්විත වෙනවා. එසේම බන්ධනී, මාංශපේශී හා අස්ථි බන්ධන අස්ථි වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඔබ  සාමාන්‍යයෙන් වාඩිවී සිටින ඉරියව්වේදී ඔබේ පිටුපස වක්‍ර ස්වභාවයක් ගන්නා අතර උරහිස් කඩාහැලී පවතිනවා. මේ ඉරියව්ව නිසා ඔබගේ කශේරුකාවට විෂම වූ පීඩනයක් දැනෙනවා. හැමවෙලෙම මෙම පීඩනය දැනීම නිසා කශේරුකා තැටි ඇදීමකට හා ඉරීමකට ලක්වෙනවා. එමනිසා බන්ධනී හා අස්ථි බන්ධනී වලට වැඩියෙන් වැඩ කිරීමට සිදුවෙනවා. එමනිසා මාංශපේශී වලට දැනෙන දැඩි බර හේතුවෙන් මාංශපේශී ඇදීමකට ලක්වී ඔබගේ පිටුපස වක්‍රාකාර වීමට ඉඩ සලසනවා.

මේ කුද හැඩය නිසා ඔබේ පපු කුහරය ඇකිළීමට ලක්වෙනවා. ඔබ ඉදගෙන සිටින විට, එනම් ඔබේ පෙනහලු වලට හුස්ම ගැනීමේදී ලැබෙන ඉඩ ප්‍රමාණය අල්ප වෙනවා. මේ නිසා තාවකාලිකව සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම විශාල ප්‍රශ්නයක් බවට පත්වෙනවා.

ඔබේ කශේරුකාව මාංශපේශී,  ස්නායු හා ශිරා වලින් වටවී පවතිනවා. ඒවා මගින් සිනිදු මාංශපේශී ස්ථරයක් ඇතිවෙනවා. ඒවා ඉදගෙන සිටීමේදී තදබද වීමත්, පීඩනයට ලක්වීමත්, මිරිකීමටත් ලක්වෙනවා. එමනිසා මේ දුර්වල මාංශපේශීන්ට විශාල පීඩනයක් අත්විඳීමට ලැබෙනවා. ඔබ ඉදගෙන සිටින විට ඔබගේ අවයව වල හිරි වැටීමක් හෝ ඉදිමුමක් හෝ අත්විදලා තියෙනවද? 

එනම් ඒ ස්ථානවල අනිවාර්යයෙන් තෙර්පීමත් ඒ වගේම ඔබේ ස්නායු වල, ධමනි වල අවහිරතාවක් ඇතීවීමත්, සිරුරේ සිදුවන හිරිවැටීමකදී ස්නායු සෛල වලින් ඒ පිළිබඳව ලබාදෙන සංඥාවේ ප්‍රමාණය සීමාවීමත් සිදුවෙනවා. ඒ වගේම ඔබගේ ගාත්‍රාවල යම් ඉදිමුම් තත්වයක් ඇතීවීමට ඒවා වෙතට යැවෙන රුධිර ප්‍රමාණය අඩුවීමත් හේතුවෙනවා.

ඔබ දිගුවෙලාවක් වාඩිවී සිටීම නිසා ඔබේ සිරුරේ පවතින ලිපෝප්‍රෝටීන ලයිපේස් එන්සයිමය තාවකාලිකව නිෂ්ක්‍රීය වෙනවා. එයා රුධිර නාල බිත්තිවල තියෙන විශේෂ  එන්සයිමයක්. මෙමගින් රුධිරයේ පවතින මේද අම්ල බිදහෙලනවා. එනිසා ඔබ වැඩිවෙලාවක් ඉදගෙන සිටීමෙන් ඔබේ සිරුරේ මේදය දහනය වීමක් සිදුවන්නේද නැත.

මේ හැම සිදුවීමකින්ම මොළයට සිදුවන බලපෑම කුමක්ද?

බොහෝ වෙලාවට ඔබ වැඩිවෙලාවක් ඉදගෙන සිටීමට භාවිතා කරන්නේ ඔබේ මොළයයි.  නමුත් හාස්‍යජනක ලෙස වැඩිවෙලාවක් එසේ වාඩිවී සිටීම නිසා තමා ඔයාගේ ජීවීතේ අභිමතාර්ථ ඉෂ්ට කරගන්න හැකිවෙලා තියෙන්නේ. නමුත් වැඩිවෙලාවක් නිසොල්මනේ සිටීම නිසා ඔබේ රුධිර ගමනාගමනය දුර්වල වෙනවා, එනිසා පෙනහලු වලින් රුධිරයට එකතුවන ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙනවා. ඔබේ මොළයට අවශ්‍ය රුධිර ප්‍රමාණයත්,  ඔක්සිජන් ප්‍රමාණයත් ඒ අවශ්‍ය ධාරිතාවයෙන් නොලැබීම නිසා මොළයේ ක්‍රියාවන් දුර්වල වීමට ලක්වෙනවා.

අවාසනාවන්ත ලෙස දිගුවෙලාවක් ඉදගෙන සිටීමෙන් ඇතිවන රෝගී තත්වයක් කෙටි කලක් පමණක් පවතින ඒවා නෙමෙයි. වර්තමාන අධ්‍යයනයන්වලදී හෙලිවෙලා තියෙනවා දිගු වෙලාවක් ඉදගෙන සිටීම   නිසා සමහරක් පිළිකා  තත්වයක් වගේම හර්ද රෝග ඇතිවීමේ සම්භාවිතාවයක් පවතින බව. ඒ වගේම මෙය දියවැඩියා තත්ත්වයටත් වකුගඩු හා අක්මාවේ ගැටලු රැසක්  ඇතිවීමටත් හේතු  සාධක  පවතින බව සොයාගෙන තියෙනවා. මේ පර්‍යේෂකයෝ ලොව පුරාම සිදුකල පර්යේෂණ වලින් සෑම මිලියන 5කටම එක් පුද්ගලයෙක් අකල් මරණ වලට ලක්වී ඇතිබව. ඒ මේ ඔබ අතින් සිදුවන හානිකර පුරුදු නිසයි. නමුත් වාසනාවන්ත ලෙස මේ ගැටලුව මගහරවා ගැනීමට ඇති පිලියම් සරල වෙනවා.

එනම් ඔබට ඉදගෙන සිටීමටම සිදුවන අවස්ථාවලදී සැමවිටම ඔබගෙ කශේරුකාව කෙලින් තබාගැනීමට උත්සාහ කරන්න, එසේම ආසනය මතට පැන ඉදගැනීමෙන් වලකින්න. තවද ඔබ ඉදගෙන සිටින විටදීත් හැකිතාක් ඔබගේ චලනයන් වැඩි කරගැනීම පිළිබව අවධානය යොමු කරන්න. එසේම සෑම පැය භාගයකටම සැරයක් අසුනින් නැගිට මද වෙලාවක් අත් පා චලනය කරමින් ඇවිදින්න. එවිට ඔබේ සිරුර ඔබේ අංග චලන අගය කොට සලකන්න පටන්ගනීවී.  

Comments